Pages

Wednesday, April 20, 2016

අත් බෙහෙත් ගැන ඔබ දැනුවත්ද

මෙම ලිපිය මා විසින් අන්තර්ජාලයට මුසු කලද මෙහි කතෘ වෙදැදුරු චන්ද්‍රලතා සමරසේකර මහත්මියයි. ( දේශීය වෙදදුරු ක්‍රම පිළිබඳ ජාතික ආයතනය )
මෙය මා උපුටා ගත්තේ අත් බෙහෙත් නම් පුස්ථකයෙනි.
මෙය හුදෙක් කාගේත් දැනගැනීම පිනිස සයිබර් තලයට එක්කිරීමට මට සිත්විය.



එක ළිපියකින් අත්බෙහෙත් පහක් පමන ඉදිරිපත් කිරීමට මම බලාපොරොත්තු වෙමි.


සාමාන්‍ය උණට අත් බෙහෙත්

* ඉඟුරු,කොත්තමල්ලි තම්බා සීනි සමඟදිනකට දෙතුන් වරක් පානය කිරන්න.
* වෙනිවැල්ගැට,වියලි ඉඟුරු,කොත්තමල්ලි,දුම්මැල්ල,පත්පාඩගම් එකටදමා තම්බා පානය කරන්න.
* ඉඟුරු,ගම්මිරිස්,තිප්පිලිය,කොත්තමල්ලි තම්බා පානය කරන්න.
* සිරුරේ දැවිල්ල ගතිය ද ඇති විට පත්පාඩගම්,කොත්තමල්ලි තම්බා පානය කරන්න.

අජීර්ණ සහිත උණට

* ඉඟුරු, කොත්තමල්ලි,දේවදාර එළබටු මුල්,කටුවැල්බටු කලං 02 මදට 08 බැගින්ගෙන කෂාය සාදා පානය කරන්න.

පැපොල් සරම්පාදියේදී ඇතිවන උණට
* පත්පාඩගම්,කොත්තමල්ලි තැම්බූ දිය සීනි සමඟ පානය කරන්න.

වමනයට අත් බෙහෙත්

* වියලි ඉඟුරු,වී පොරි සම සමව කුඩුකර සීනි මී පැණි මිශ්‍ර කර කෑමට දෙන්න.
* දිවුල් ඉස්ම මී පැණි සමඟ පානය කරන්න.
* දෙහි යුෂ සීනි සමඟ පානය කරන්න.
වමනයේදී එක්වර වැඩි ප්‍රමාණයක් පානයට නොදී ටික ටික දිය යුතුය.

පණු වමනයට අත් බෙහෙත්

මෙය විශේෂයෙන් කුඩා දරුවන්ට පණු අමාරුව ඇතිවිට කදී දක්නට ලැබෙන ලක්ශනයකි.

* කොහොඹ මුල් කෂාය වී පොරි හා සූකිරි සමඟ පානය කරන්න.
* එරබදු කොළෙ යුෂ මී පැණියේ ලේහ කිරීම මැනවි.
* සස්සඬ මුල් දෙහි ඇඹුලෙන් ගලගා,දෙහි ඇඹුලෙන් දිය කර මී පැණි සමඟ මිශ්‍රකර පානය කරන්න.

0 comments:

Post a Comment

 

About